වකුගඩු වල ගල්

වකුගඩු ආශ්‍රිත ගල් එක් වකුගඩුවක වගේම වකුගඩු දෙකේම වර්ධනය වෙන්න පුලුවන. වයස අවුරුදු 30ත් 60ත් අතර අයට මේවා ගොඩාක් සුලබව දක්නට පුලුවන්. සාමාන්‍යයෙන් 10 දෙනෙක්ගෙන් 1කෙනෙක්ට වඩා මේ රෝගයෙන් පීඩා විදිනවා. වකුගඩු ආශ්‍රිත ගල් එසේත් නැත්නම් මුත්‍රා ගල් සාමාන්‍යයෙන් වකුගඩු, මුත්‍රා වාහිනී.. වකුගඩු සහ මුත්‍රාශය එකට සම්බන්ධ කරන නාල වලත් දැකගන්න පුලුවන්. මේවා අතිශයින් වේදනාකාරී වගේම ප්‍රතිකාර නොකර තිබුනොත් වකුගඩු ආසාදන වගේම වකුගඩු වල සම්පූර්ණ අකර්මණ්‍යතාවයට හේතු වෙන්න පුලුවන්.

වකුගඩු/ මුත්‍රා ගල් වල රෝග ලක්ෂණ

ඔබට තියෙන්නේ කුඩා ගල් නම් ඔබට ඒ බව නොදැනෙන්නට පුලුවන්. ඔබ කිසිම අපහසුවක් නැතුව සාමාන්‍ය විදියට මුත්‍රා කරනවා ඇති. විශාල මුත්‍රා ගල් රෝග ලක්ෂණ කිහිපයක් ඇති කරන්න පුලුවන් පහත ඒවාද ඇතුලු:

  • උදරයේ එක් පසෙක වේදනාවක්
  • එන යන දැඩි වේදනාවක්
  • වමනය හෝ ඇගට අපහසුකාරී ලෙඩ ගතියක්

ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා

ඔබ ඉක්මනින් ඔබේ වෛද්‍යතුමා හමුවිය යුතුයි.. ඔබට:

  • ඔබ දැඩි වේදනාවකින් ඉන්නවානම්
  • ඔබ තද උනෙන් පෙලෙනවා නම්
  • ඔබ විටින් විට වෙව්ලමින් සහ ගැහෙමින් ඉන්නවා නම්
  • මුත්‍රා සමග රුධිරය පිට වෙනවා නම්

වකුගඩු වල ගල් ඇති වීමට හේතු?

රුධිරයේ ඇති අපද්‍රව්‍ය පලිගු වැනි කැට ඇති කර ඒවා වකුගඩු වල තැන්පත් විය හැක. කාලයත් සමග මේ පලිගු වැනි කැට එකතු වී බොහෝ තද ගල් වැනි ගෙඩි ඇති කල හැක මේවා ඇති වෙන්න වඩාත් ඉඩකඩ ඇත , ඔබ:

  • ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය නොකලහොත්
  • සමහර ඖෂධ වර්ග පානය කරනවා නම්
  • ඔබගේ මුත්‍රා වල සමහර ද්‍රව්‍ය වර්ග වැඩි කරන රෝගී තත්ත්වයකින් පීඩා විදිනවා නම්

වකුගඩු ගලක් ඇති වූ පසු ඔබගේ ශරීරය එය මුත්‍රා සමග පිට කිරීමට උත්සාහ කරාවි.

වකුගඩු ගල් වලට ප්‍රතිකාර සහ වලක්වා ගැනීම

බොහෝ වකුගඩු ගල් ඔබගේ මුත්‍රා සමග පහ වීමට තරම් කුඩා ප්‍රමානයේ ඒවා වන අතර රෝග ලක්ෂණ ත් සමග ඒවාට ගෙදරදීම ප්‍රතිකාර කල හැකිවේ . වඩාත් විශාල ගල් කඩා ඉවත් කිරීමට හෝ ශල්‍යකර්මයකින් ඉවත් කිරීම කරන්න පුලුවන්. වකුගඩු වල ගල් සෑදුනු අයගෙන් භාගයකටම නැවත අවුරුදු 5ක් ඇතුලත වකුගඩු ගල් සෑදීමට ප්‍රවනතාවක් ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා. වකුගඩු ගල් සෑදීම වලක්වා ගැනීමට ඔබ විජලනයට පත් නොවී දවසට ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීමට වගබලා ගන්න. අපද්‍රව්‍ය වකුගඩු ගල් බවට පත් වීම වලක්වා ගැනීමට නම් ඔබේ මුත්‍රා ලා පාටින් පවත්වා ගැනීම ඉතාම වැදගත්.

වකුගඩු

වකුගඩු කියන්නෙ බෝන්චී බීජ හැඩැති දල වශයෙන් 10cm (අගල් 4ක්) දිගකින් යුක්ත අවයව දෙකකි ඒවා උදරයේ පිටු පසට වන්නට කොදු ඇට පේලියේ දෙපසින් පිහිටාඇත. වකුගඩු මඟින් රුධිරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරණු ලැබේ. පිරිසිදු රුධිරය නැවත ශරීරය තුලට ගමන් කරන අතර අපද්‍රව්‍ය මුත්‍රා සමග ශරීරයෙන් ඉවත් කිරීම සිදු කරණු ලැබේ.